ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙනවා.

ඒ මෙරට ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහායි.

පාසල් දරුවන්ගේ පාසල් පෝෂණ වැඩසටහන සඳහා මෙම අරමුදල් ලබා දී ඇති අතර, හැට අට ලක්ෂයකට අධික ළමුන්ගේ පෝෂණය සඳහා මෙම අරමුදල් ප්‍රධානය කෙරෙන බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

මීට අමතරව, ඉදිරි මාස 15ක කාලය සඳහා ගැබිණි මව්වරුන් 27 000 කට අධික සංඛ්‍යාවකට ආහාර වවුචර් පත් ප්‍රදානය කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම කෘෂිකාර්මික සහය යටතේ, ගොවීන් තිස්දහසකට සහන ලබා දීමට ද නියමිතයි.

කොළඹ අමෙරිකානු තානාපති ජූලි චැන්ග් සඳහන් කරන්නේ ආර්ථික ස්ථායිතාව උදෙසා ශ්‍රී ලංකාව ගනු ලබන උත්සහයට අමෙරිකාවේ අඛණ්ඩ සහය ලබා දෙන බවයි.

POPULAR

Recent articles