“යුක්රේන ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව පසුබසිනවා” – ඇමරිකානු බුද්ධි අංශ

යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසනවා.

ඇමරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටිමින් රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් බුද්ධි අංශ එක්රැස් කරගත් සියලු තොරතුරු අනාවරණය කර සිටියා.

ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කර සිටියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයේ බටහිර හිතවාදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී බලයෙන් නෙරපා රුසියාවට හිතවාදී ‘රූකඩ පාලනයක්’ ස්ථාපිත කිරීමට බවත් එය සාර්ථක කර ගැනීම අසීරු වී ඇති බවයි.

මේ අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත්තේ රුසියාව විසින් තමන්ව ඝාතනය කිරීමට අවස්ථා තුනකදී උත්සාහ ගත් නමුත් එම උත්සාහයන් ආසාර්ථක වූ බවයි.

තමන් රුසියාවට හෝ පුටින්ට හෝ බියක් නොමැති බවත්, මැරෙන්න සූදානම් බවත්, ඔහු වීඩියෝ පණිවුඩයක් මඟින් පවසා තිබෙනවා. එමෙන්ම තමන් කීව් අගනුවර සිටින බවත් සැඟවී නැති බවත් ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles