පිළිකාවට පැරදුනු බොක්සිං ශුරයා !

ලෝක හෙවිවේට් බොක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසර 05 කට ආසන්න කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩාවිදි 67 හැවිරිදි වියේ පසු වූ ලියෝන් පසුගිය සිකුරාදා දිනයේ මියගොස් ඇති බවයි. ලියොන් ස්පින්ක්ස් පිළිබඳව ලෝකයේ අවධානය යොමු වූයේ හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව 1978 වසරේදී ලබාගත් ජයග්‍රහණයත් සමගයි.එමෙන්ම ලියෝන් ස්පින්ක්ස් 1976 වර්ෂයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා තරඟයේදී සැහැල්ලු බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමටද සමත් වුණා.

POPULAR

Recent articles