සල්ගාදු රැළියෙන් අනතුරුව අගමැති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනියි

ඊයේ (09) දිනයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති පොහොට්ටුවේ රැළියෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ අද (10) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්බව වාර්තා වෙනවා. පළමුව අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ බවයි කියන්නේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේද අගමැතිවරයා මුණගැසී තිබෙනවා. පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමඟ සුහඳ කතාබහක නිරත වූ බව අගමැති මාධ්‍ය ඒකකය පවසනවා.

මෙම අවසථාවන් වලට ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහභාගී වූ බවක් සඳහන් වන්නේ නැහැ.

POPULAR

Recent articles