“රුසියාවට යුද්ධයක් අවශ්‍ය නෑ” – රුසියානු ජනපති

රුසියාවට යුරෝපය තුළ යුද්ධයක් අවශ්‍ය නොවන බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් කියා සිටිනවා.

ඒ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමග පැවති එකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක් වෙමිනුයි.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුව ඇති බවයි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේ තවමත් යුක්‍රේනය තුළ රුසියානු ආක්‍රමණයක් සිදුවිමේ ඉඩකඩ පවතින බවයි.

එමෙන්ම ඔහු පැවසුවේ රුසියාව එවැනි ආක්‍රමණයක් කළ හොත් තිරණාත්මක ප්‍රතිචාරයක් දැක්විමට ඇමරිකාව ද සූදානම් බවයි.

මේ අතර යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය හා ත්‍රිවිධ හමුදා වෙබ් අඩවි මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සයිබර් ප්‍රහාර රුසියාව එල්ල කරන්නට ඇති බවට සැක පළ කරන බව යුක්රේන බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

POPULAR

Recent articles