ඉරානය නව දිගු දුර මිසයිලයක් නිපදවයි

සැතපුම් 900ක් දුරක් දක්වා එල්ල කළ හැකි නව දිගු දුර මිසයිලයක් නිපදවීමට ඉරානය සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන යුද විශේෂඥයින් පවසන්නේ මෙම නව මිසයිලය ඉරානයට ආසන්නයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කිරීම ඉතා පහසු වන අතර දීර්ඝ කාලින සතුරන් වන ඊශ්‍රායලයේ ඉලක්ක වෙත පහසුවෙන් පහරදීමට හැකියාවක් ඇති බවයි.

මෙම දිගු දුර මිසයිලය “Khaibar-buster” ලෙස නම් කර තිබෙනවා.

ඉහළ නිරවද්‍යතාවයක් සහිත මෙම දිගු දුර මිසයිලය සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය කර ඇති අතර මිසයිල ආරක්ෂණ පද්ධතිය (Missile Defense) වුවද ආක්‍රමණය කළ හැකි බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වුවත් මිසයිල ආරක්ෂණ පද්ධතියක් අභිබවා යාමට මෙම මිසයිලය හැකි බවට පළකර ඇති කරුණ මේ දක්වා ස්වාධීනව තහවුරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

POPULAR

Recent articles