ප්‍රසන්න රණතුංගට අත්හිටවූ සිරදඬුවම්

2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්‍රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගට වසර දෙකක් බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන්න ලෙස නියෝග කර තිබෙනවා.

එමෙන්ම සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක් ද මිලියනයක වන්දියක් ද ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කර තිබෙනවා.

දඩය නොගෙවන්නේ නම් වසර නවයක සිර දඬුවමක් ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක් ද නියම කර ඇති බව වාර්තා වනවා.

POPULAR

Recent articles