බිත්තර ගහපු එක්කෙනෙක් මෙන්න

ඊයේ (30) දිනයේ ගම්පහ පවතී ජාතික ජන බලවේගය සමුළුවට පැමිණි බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පිරිසෙන් අල්ලා ගෙන නිට්ටඹුව පොලිස් බාරයට පත්වූ දෙදෙනා නම් වශයෙන් හඳුනාගෙන තිබෙනවා.  අද (31) පවතී ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ පුද්ගලයන් අනාවරණය කරනු ලැබුවා.

“මේ සිද්ධියේදී අල්ලා ගන්නා ලද දෙදෙනා ඔවුන් ත්‍රීරෝද රථ, වෑන් රථවලින් එහි පැමිණි බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් මහගෙදර විජය ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ගැටලුව වන්නේ ඔහු  තමන්ගේ නම වෙනස් කළ අයෙක් වීමයි. ඔහු 2010 නොවැම්බර් 30වැනිදා තමන්ගේ නම වෙනස් කර තිබෙනවා. ඔහුගේ කලින් නම ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර. ඔහු නම වෙනස් කර ඇත්තේ මෙවැනි ආකාරයේ අපරාධවලට සම්බන්ධ වී සිටීම නිසා යැයි අපට සැක කළ හැකියි. අනෙක් පුද්ගලයා ආනන්ද බණ්ඩාර. ඔහු මන්චි ආයතනයේ සේවය කරන ගමන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක සේවය කරනවා. මොවුන් දෙදෙනාම පෞද්ගලික ආරක්‍ෂක සේවයකට සම්බන්ධ වන බව ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. ඔවුන් ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවයේ නිලඇඳුම් ඇඳගෙන සිටීමෙන් මේ බව තහවුරු වෙනවා. මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇවන්ගාඩ් ආයතනයෙන් බව මෙම ඡායාරූපය සනාථ කරනවා. එසේම ඔවුන් සිදුකරන ප්‍රකාශවලදී මේ බව පිළිගෙන තිබෙනවා. තමන් හමුදාවේ විශ්‍රාමිකයින් බවත් ඔවුන් පිළිගන්නවා” යි මන්ත්‍රීවරයා පැවසුවා. ඒ මාධ්‍ය හමුවේදී ආනන්ද බණ්ඩාර නම් අය ඇවන්ගාඩ් ආරක්ෂක අංශයේ නිල ඇඳුම් හැදී ඡායාරුපයක්ද විජිත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍යයට ඉදිරිපත් කළා.

මේ අතර අද සවස් වන විට මහගෙදර විජය ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න හෙවත් ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර නමැති අයගේ ඡායාරූපද සමාජ මාධ්‍යයේ පළවී තිබෙනවා. ඒ සමහර ඡායාරුප වලදී එම පුද්ගලයා ඇවන්ට්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගේ සමීප ආරක්ෂකයෙක් ලෙස සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.

POPULAR

Recent articles