”ඩොලර් හිඟයක් නෑ, තියෙන්නේ ඩොලර් සඳහා අධික ඉල්ලුමක්” – අජිත් නිවාඩ් කබ්රාල්

රට තුළ ඩොලර් හිඟයක් නොමැති බව ත් ආනයනයන් ඇතුළු කාර්යයන් සඳහා අවශ්‍ය ඩොලර් තිබෙන බව ත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. මහ බැංකු අධිපතිවරයා එලෙස පැවැසුවේ, ඊයේ (පෙබ. 8 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති වැඩසටහනකදී යි.

ඩොලර් හිඟයක් තිබේ නම්, පසුගිය වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 22ක භාණ්ඩ ද, පසුගිය මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2ක භාණ්ඩ ද මෙරටට ආනයනය කළේ කෙසේදැයි මහ බැංකු අධිපතිවරයාගෙන් මාද්‍යවේදියකු ප්‍රශ්න කළා.

”ඩොලර් හිඟයක් ඇති වෙලා තියෙන්නේ , ඩොලර් නොමැතිකම නිසා නෙමෙයි ඩොලර් සඳහා අධික ඉල්ලුමක් පැවතීම නිසා, ඒ සඳහා කළ යුත්තේ ඩොලර් උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග සහ ක්‍රමවේද සොයා ගැනීම.” බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියා.

ඩොලර් සඳහා ඉල්ලුමක් පැවතීම නරක දෙයක් නොවන බව ද සිදු කළ යුත්තේ පරිභෝජනය අඩු කිරීම නොව ඩොලර් උපයන විකල්ප මාර්ග සකසා ගැනීම බව ද මහා බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

POPULAR

Recent articles