ඉදිරි මැතිවරණයේදී පොදුජන පෙරමුණ හා එජාපය සන්ධානගත වෙයි?

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ හා එජාපය සන්ධානගත වී තරග කරනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර අරංචි මාර්ග පවසනවා.

දැනටමත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨයින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවේ එළැඹෙන මාර්තු 25 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතුවලට ලබන සැප්තැම්බර් 20දායින් පසුව මැතිවරණ කොමිසමට නීතිමය බලය හිමිවනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන පක්ෂ ගණනාවක්ම දැන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවද වාර්තා වනවා.

මේ වනවිටත් විෂය භාර අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කර ඇති අතර එම කාලය ලබන මාර්තු 25 වැනිදායින් අවසන් වීමට නියමිත යි.

ඒ අනුව දැනට පවතින ප්‍රතිපාදන මත මැතිවරණ කොමිසම විසින් මැතිවරණයක් පවත්වා ඊට පෙර පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරාපත් කර ගත යුතු වනවා.

මෙම මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 341 ක් සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීමට නියමිතයි.

POPULAR

Recent articles