ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු එක්දින තරඟය අද (14)

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය අද (14) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (14) පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළේ, අද (14) පැවැත්වෙන තරඟයේදී යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට එක්දින වරම් හිමි වීමට වැඩි ඉඩක් ඇති බවයි.

තරඟය සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියානු සංචිතය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර විස්සයි විස්ස තරඟාවලියේදී විවේක ගන්වා සිටි වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් හෙට තරඟය සඳහා කැඳවා තිබෙනවා.

POPULAR

Recent articles