පෞද්ගලික බස් රථ සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ඉන්ධන

පොදු ප්‍රවාහනය සේවයේ යෙදන පෞද්ගලික බස් රථ සදහා අවශ්‍ය කරන ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියනවා.

ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔහු කියන්නේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන ඉන්ධන ලබා දෙන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles