දුම්රියේ රැකියා අවස්ථා 7 000ක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 7 000කගේ පමණ හිඟයක් පවතින බැවින් මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න සඳහන් කරන්නේ සේවකයින් 21 000 ක් පමණ සිටිය යුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සිටින්නේ සේවකයින් 14 000 ක් පමණක් බවයි.

එළඹෙන දෙසැම්බර් මාසය වනවිට 250 කට වැඩි සේවක පිරිසක් විශ්‍රාම යාමට නියමිත බවද ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් මාසය වනවිට සේවක හිඟයට පිළියමක් නොයෙදුව හොත් ජනවාරි මාසයේ සිට දුම්රිය මෙහෙයුම් කටයුතු දැඩි බලපෑමකට ලක්වනු ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කරනවා.

POPULAR

Recent articles