සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් රූපවාහීනි නාලිකාවක්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ‘වාපා‘ නමින් රූපවාහීනි නාලිකාවක් ආරම්භ කර තිබෙනවා.

මෙරට රජයේ විශ්ව විද්‍යාලයකින් පළමු වරට ආරම්භ කළ රූපවාහිනී නාලිකාව මෙය වීම විශේෂත්වයක් වනවා.

මෙම නාලිකාව මගින් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ට හා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි කටයුතු කරන සියලු දෙනාට සිය නිර්මාණ, පර්යේෂණ, නවෝත්පාදන ආදිය ජනගත කිරීමේ හැකියාව පවතින බව එම විශ්ව විද්‍යාලය සඳහන් කරනවා.

‘වාපා‘ රූපවාහිනි ලෙස නම් කර ඇති මෙම නාලිකාව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය යටතේ විකාශන කටයුතු ආරම්භ කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

පියෝ ටීවී නාලිකා අංක 123 ඔස්සේ ‘වාපා‘ රූපවාහිනී නාලිකාව නැරඹීමේ හැකියාව තිබෙනවා.

මෙම නාලිකාවේ විකාශන කටයුතු ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම හා අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණු අතර සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය රෝහණ පී මහලියනආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කලුආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

POPULAR

Recent articles