“ශ්‍රී ලංකාව තුළ පවතින දුෂ්කර මානව හිමිකම් තත්ත්වයේ ප්‍රගතියක් නැහැ” – විකී ෆෝර්ඩ්

මෙරට වත්මන් ‘ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වය’ එහි මානව හිමිකම් වැඩිදියුණු කිරීමේ උත්සාහයන් පිළිබඳ අවධානය වෙනතකට යොමු නොකරන බව බ්‍රිතාන්‍යය ප්‍රකාශ කරනවා.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ නියෝජ්‍ය ලේකම්වරිය වන විකී ෆෝර්ඩ් (Vicky Ford) පසුගිය අඟහරුවාදා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට දන්වා සිටියේ IMF හි වගන්ති ආර්ථික ප්‍රතිපත්තියට සම්බන්ධ කොන්දේසිවලට හෝ ගෙවුම් ශේෂය විසඳීමට ඉඩ ලබා දුන්නද මානව හිමිකම් සම්බන්ධ කොන්දේසි මග නොහරින බවයි.

“අපි ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නයට විසඳුමක් සඳහා ජාත්‍යන්තර ණය සංසදවල සෙසු සාමාජිකයින් සමඟ කටයුතු කරන්නෙමු. එමෙන්ම ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම බලපෑම් කරමින් මානව හිමිකම් පිළිබඳ වෙනත් ජාත්‍යන්තර සංසද සමඟද වැඩ කරන්නෙමු” යි ඇය ලිඛිත ප්‍රතිචාරයක් දක්වමින් පවසනවා.
ශ්‍රී ලංකාව තුළ පවතින දුෂ්කර මානව හිමිකම් තත්ත්වය සහ පශ්චාත් ගැටුම් වගවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැති බව එක්සත් රාජධානිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඇය කියනවා.

“වර්තමාන ආර්ථික තත්ත්වය මානව හිමිකම්වලින් ඈත් නොවීම වැදගත්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. ජූනි 4 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී එසේ කිරීම ඇතුළුව ජාත්‍යන්තර සංසදවලදී අපි අපගේ උත්සුකයන් දිගටම මතු කරන්නෙමු” එක්සත් රාජාධානිය වෙනුවෙන් විකී ෆෝර්ඩ් මහත්මිය සඳහන් කරනවා.

POPULAR

Recent articles