සරසවි සිසුවෙක් අතුරුදහන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වනදා සිට අතුරුදන්ව ඇතැයි ඔහුගේ මව්පියන් විසින් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අදාල ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව එම ශිෂ්‍යා නවාතැන්ගෙන සිටි නවාතැනේ හිමිකරුවන්ගෙන් කළ විමසීම්වලින් අනතුරුව එම ශිෂ්‍යයා සිටි කාමරය පරීක්ෂා කිරීමේ දී ඔහු විසින් ලියන ලද ලිපියක් ද පොලීසියට භාර දී ඇති බව වාර්තා වනවා.

ඔහු සමග සිටි සමකාලීන සිසුන් ද පවසා ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සිසුවා පිළිබඳව 16 වනදා සිට කිසිදු තොරතුරක් නොමැති බවයි.

POPULAR

Recent articles