සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වසා දැමීමට තීරණය කරයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළි වසා දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් ක‌ළේ, පිරිපහදු කටයුතු සඳහා ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. සමාගම් කිහිපයකින් මේ වනවිට බොරතෙල් ඇණවුම් කර ඇති බව ද එම සංස්ථාව ප්‍රකාශ කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ඇණවුම් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ වී නොමැති බවයි . කෙසේ වෙතත් ඇණවුම් ලද විගස පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කරන බව ද, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරණවා. මේ අතර, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට හෙට(20) මෙරටට ළඟාවීමට නියමිතව ති‌බෙනවා. ඒ , ඉන්දියාව සමග එළැඹි ණය ගිවිසුමකට අනුවයි.

POPULAR

Recent articles