දිනකට රුපියල් දොළහක වැටුපට වැඩ කරන පෙරපාසල් ගුරුවරු !

දිනකට රුපියල් දොළහක වැටුපට වැඩ කරන පෙරපාසල් ගුරුවරු !

මෙරට පෙරපාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දිනක වැටුප රුපියල් එකොළහයි ශත අනූවක් වන බව සමාජවාදී කාන්තා සංගමයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පවසනවා. ඇය මේ බව අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

ආර්ථික මට්ටමින් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින පෙරපාසල් ගුරුවරුන් වෙනුවෙන් රජය වහාම මැදිහත් වී කටයුතු කළයුතු අතර පෙරපාසල් සඳහා අවශ්‍ය වන සෞඛ්‍යාරක්ෂිත උපකරණ කට්ටලද කඩිනමින් ලබාදිය යුතු බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles