ඇමෙරිකන් මුවකුට ඔමික්‍රොන්

උතුරු ඇමෙරිකාවට ආවේණික වර්ජිනියා මුව වර්ගයට අයත් මුවකුට කොවිඩ් 19 ඔමික්‍රෝන් ප‍්‍රභේදය වැලඳී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරින් වාර්තා වනවා.

කෙසේ වුවද සත්වයකුට ඔමික්‍රොන් ප‍්‍රභේදය වැලඳී ඇති බවට හඳුනා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.

මෙම සොයාගැනීම වර්ජිනියා මුව වර්ගයට අයත් මුවන්ට ඉක්මණින් කොවිඩ් 19 වෛරසය බෝවන බවට සාක්ෂියක් වී තිබෙනවා.

පර්යේෂකයින් පවසන්නේ මිනිසුන් සමීපයේ ජීවත් වන මුවන් ඔමික්‍රොන් රෝග වාහකයින් විය හැකි බවයි.

එමෙන්ම මෙලෙස මුවන්ගෙන් මුවන්ට කොවිඩ් 19 වෛරසය බෝ වී දීර්ඝ කාලයක් මුවන්ගේ ශරීරයේ වෛරසය තිබීමෙන් අලූත් විකෘති නිර්මාණය විය හැකි බව පර්යේෂකයෝ අනතුරු අඟවනවා.

POPULAR

Recent articles