ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට විවේචනාත්මක විග්‍රහයන් ගණනාවක් !

ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට විවේචනාත්මක විග්‍රහයන් ගණනාවක් !

ආර්තික ඝාතකයකු පිළිබඳ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ හෙලිදරව්වක් කර තිබෙනවා .
ට්විටර් පණිවුඩයක් සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ ‘පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව කියා සිටින්නේ මාර්තු 06 වන දින රුපියල් බිලියන 1229 කට නව අතුරු සම්මත ගිණුමක් සකස් කළ බවයි. ව්‍යවස්ථාවේ 150/3 යටතේ ජනාධිපතිවරයාට බලය පැවරිය හැක්කේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට කැඳවූ දිනයේ සිට පමණි. ආර්ථික ඝාතකයාගෙන් ප්‍රවේශම් වන්න. ඔහු තවත් ජනාධිපතිවරයකු නොමඟ යවමින් සිටියි.” යනුවෙන් ඔහු එම පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .

මේ ආර්ථික ඝාතකයා සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාද කලකට ඉහතදී ප්‍රකාශයක් කර තිබුනා.
ඔහුද එහිදී ආර්තික ඝාතකයා ලෙස හඳුන්වන්නේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී.ජයසුන්දර මහතාවයි. ඔහු මේ වන විට ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අතර මුදල් අමාත්‍යාංශය මෙහෙයවන පුද්ගලයාද වනවා.

අද සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පැවතී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ද ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ආයාචනය පිළිබඳව දැඩි විවේචනයක් එල්ලකර සිටියා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles