“සියලු මරණවලට PCR අනිවාර්ය නැහැ” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

රෝහලක් තුළදී හෝ රෝහලක් නොවන ස්ථානයකදී සිදුවන සියලුම මරණ සඳහා PCR පරීක්ෂණ අත්‍යවශ්‍ය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිර්දේශ කරන අවස්ථාවකදි PCR පරීක්ෂාව කළ හැකි බවයි.

කෙසේ වුවද කොවිඩ් 19 වෛරසය ආසාදිව පුද්ගලයින්ගේ සිරුර අදාහනය කිරිම සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් ඒ අයුරින්ම කියාත්මක බව අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වනවා.

POPULAR

Recent articles