”ලං.වි.ම.ට තෙල් සපයලා ඉවරයි” – උදය ගම්මන්පිල

එළඹෙන 9 වනදා තෙක් විදුලි බල මණ්ඩලයට දැවි තෙල් ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ඒ පිළිබඳව විදුලි බල මණ්ඩලය දැනුම්වත් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම පදිරි 22 වනදා දක්වා දැවි තෙල් සැපයීම සිදු කළ බවත් ඊට අමතරව ඩීසල් ටොන් දසදහසක් ද ලබා දුන් බවයි.

මේ අතර ගිවිසුම්ප්‍රකාරව සෑම දිනකම මෙට්‍රික් ටොන් 600 බැගින් පෞද්ගලික විදුල බලගාරයට ඩීසල් සැපයීම සිදු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේ තවදුරටත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමෙන් පසු ආනයනය කළ දැවිතෙල් මෙරටට ළඟා වන්නේ එළඹෙන පෙබරවාරි 9 වනදා බව ද අමාත්‍යවරයා කියා සිටිනවා.

“දැවි තෙල් ඔවුන් ඉල්ලීම කළාට පසුව තමයි දැවි තෙල් සඳහා ටෙන්ඩරයක් දියත් කර දැවි තෙල් ආනයනයට පුළුවන් වුණේ. පෙබරවාරි 9 එන්නෙ එතෙක් දැවි තෙල් සැපයීමේ හැකියාවක් නැහැ. ඒ බව විදුලිබල මණ්ඩලයට දැනුවත් කළා” යයි අමාතවරයා කියා සිටිනවා.

ඉතිරි දැවිතෙල් ප්‍රමාණයත් විදුලිබල මණ්ඩලයට ලබා දුන හොත් පුද්ගලයින් දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවන බව අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ අනුව කර්මානතශාලා සඳහා වෙන් කර ඇති දැවි තෙල් විදුලිබල මණ්ඩලයට ලබා දීමේ හැකියාවක් නොමැති බවයි.

කෙසේ වුවද විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසන්නේ දැනට විදුලි බල මණ්ඩලයට දැනට ලැබි ඇති ඉන්ධන තොග නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ඇති බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරූ සංගමය පැවසුවේ පවත්නා තත්ත්වය යටතේ අද (24) සිට දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි අදියර 4 කින් විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවයි.

මේ අතර සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට හා සාමාන්‍යාධිකාරිවරයාගේ පත්කිරීමට එරෙහිව ආරම්භ කල අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද අඛණ්ඩව ක්‍රියාත්මක බව විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න සඳහන් කරනවා.

More from author

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත...

ඇමරිකානු දූත පිරිස ජනපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ මට්ටමේ දූත පිරිස ජනාධිපතිවරයා හමුවී තිබෙනවා. ජනාධිපති...

අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. ලංකා ගමනාගමන...

මත්පැන් ඉල්ලුම පහළට

මෙරට මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...