අරගලයට හේතු වුණේ, අපේ අයගේ සිමාවක් නැති වංචා දුෂණ – අරුන්දික ප්‍රනාන්දු

අපේම අයගේ සිමාවක් නොමැති වංචා දුෂණ හේතුවෙන් අරගලය බිහි වුවා යැයි රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පවසනවා. ඇමතිවරයා මේ බව පවසා සිටියෙ ගිනි තබා විනාශ කළ කාර්යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ අවස්ථාවටවට සහභාගී වෙමින්. මැයි 09 දා දංකොටුව නගරයේ අරුන්දික ඇමතිවරයාගේ නිවස ආසන්නයේ පිහිටි කාර්යාල ගොඩනැගිල්ල ගිනි තබා විනාශ කරනු ලැබුවා.

“අපේ දේශපාලඥයින්ගේ ඉවක් බවක් නොමැතිව කරපු වංචා දුෂණ නිසා අරගලය මතුවුණා. ඒ අරගලයත් සමග ජනතාව අපිට තිබුණ බැදිම නැතිව ගියා. මෙය දේශපාලඥයිනට හොද පාඩමක්. දේශපාලඥයින් පමණක් නොවන බවත් හිටපු ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරින් මේ සියල්ලටම වග කියන්න ඕනි”යැයි ඇමතිවරයා කියා සිටියා.

ඊයේ දිනට යෙදී තිබූ අරුන්දික රාජ්‍ය අමාත්‍යවරයාගේ 51 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම කාර්යාලය රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කර තිබුණා.

POPULAR

Recent articles