“රනිල් වික්‍රමසිංහ ගෝල්ෆේස් අරගලයේ බෙදීමක් නිර්මාණය කරනවා” – ශානක්කියන් රාසමානික්කම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූක්ෂමව ගෝල්ෆේස් මහජන අරගලය තුළ බෙදීමක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් පවසනවා.

එම ස්ථානයේ සිටින පිරිස් සඳහා පහසුකම් සැලසීමට තවත් කමිටුවක් නිර්මාණය කර ඇති නමුත්, එවැනි කමිටුවල කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවද, මහජනතාව එම ස්ථානයට පැමිණ ඇත්තේ එහි පදිංචිවීමට නොව ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස බල කිරීමට බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව අගමැතිවරයා අරගල භූමිය තුළ කමිටු දැමීම තුළින්, එම කමිටුවලට යාම සඳහා එතැනම බෙදීමක් නිර්මාණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් අවධාරණය කරනවා.

POPULAR

Recent articles