අරගලයේ නියෝජිතයින් හා පක්ෂ නායකයින් අතර හමුවක්

ගාලුමුවදොර අරගලය නියෝජනය කරන පිරිසක් හා පක්ෂ නායකයින් අතර හමුවක් අද (12) කොළඹ මහජන පුස්තකාලයේ දි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (12) පස්වරු 2.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ගෝඨාගෝගම නියෝජනය කරන නියෝජිතයින් 25 දෙනෙකු සහභාගීවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩු විරෝධී පාර්ශවයන්ගේ යෝජනා ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා.

POPULAR

Recent articles