කොටස් වෙළෙඳපොළ දැවැන්ත කඩා වැටීමක

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (02) දිනයේ දී දැවැන්ත කඩා වැටීමකට ලක්වූ බව වාර්තා වෙනවා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 338.10 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 151.39 කින් පහළ ගොස් තිබුණා. එය පිළිවෙලින් 2.62% ක හා 3.48% ක පරිහානියක් බවයි කියන්නේ.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,584.02 ක් හා S&P SL20 දර්ශකය ඒකක 4,193.03 ක් ලෙසින් සටහන්ව තිබුණා. මෙය මෙතෙක් වාර්තා වී තිබෙන පහළම මිල දර්ශක අගයයන් බව සඳහන්.

රු. බිලියන 8.92 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනයේ දී වාර්තා වුණා.

ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලතම සමාගම් දෙක වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් ඊයේ දිනයේ දී විශාල වශයෙන් පහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට දැඩි ලෙස හේතුවූ බව කොටස් වෙළඳපොළ නිරීක්ෂකයෙකු පැවසුවා.

POPULAR

Recent articles