විදුලි බිල වැඩි වන ලකුණු

විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට විදුලිබල මණ්ඩලයේ සූදානමක් ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග හෙළි කරන බව මාධ්‍ය වාර්තා කරනවා. මේ මොහොත වන විට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් විසිපහකට වැඩි මුදලක් වැය වන අතර එය පාරිභෝගිකයාට ලබා දෙන්නේ රුපියල් පහළොවක් වැනි අඩු මුදලකට බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසා ඇත්තේ.

ඒ අතර මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 150ක ණය මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට සහ මෙරට බැංකුවලට ගෙවීමට ඇති බව ද වාර්තා වෙනවා.

විදුලි බිල වැඩි කිරීමේ හෝ නොකිරීමේ අවසන් තීරණය ගනු ලබන්නේ මහජන උපයෝගිතා කොමිසම මඟින් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍ය කළ විමසීමේදී පවසා තිබෙනවා.

POPULAR

Recent articles