”අභියෝගයක් නෑ, අයින්කරන්න හදිස්සියකුත් නෑ” – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනත් දේශපාලන ගමනක නිතර වන නිසා එම පක්‍ෂයේ විධායක සභාව රැස්කර නිවැරදි ආකාරයෙන් සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් ඔහුගේ නව දේශපාලන ගමන පොදුජන පෙරමුණට අභියෝගයක් නොවීම නිසා ඔහු ඉවත්කිරීමට හදිසියක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් කියා සිටිනවා.

ඔහු පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බව කී සාගර කාරියවසම් පැවසුවේ මහාචාර්ය ජී. එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයට ලොකු සේවයක් කළ පුද්ගලයෙක් බවයි.

POPULAR

Recent articles