“ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව වලට සහභාගී විමේදී එන්නත් කාඩ්පත අනිවාර්යයි” – ප්‍රසන්න රණතුංග

ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගී විමේ දි කෝවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩ් කමිටුව තීරණය කල බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරිම සදහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.

මිනුවන්ගොඩ කෝවිඩ් කමිටු රැස්වීමේ දි ඇමතිවරයා මේ බව සදහන් කළා.

පළමුවන, දෙවන සහ තුන්වන මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන් පූර්ණ එන්නත්කරණ පුද්ගලයන් ලෙස සැලකෙන බවත් රට නැවත වසා දැමීමට නොහැකි බැවින් කෝවිඩ් පැතිර යාම වැළැක්වීම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගැනිමට රජයට සිදුව ඇති බවත්, පෙන්වා දුන් ඇමතිවරයා රජය එම තින්දු ගන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශවලට අනුව බව ද කියා සිටියා.

මෙම රැස්විම සදහා මිනුවන්ගොඩ ප්‍රා දේශිය ලේකම් තනුජා රාජකරුණා, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර, මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල, මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වුණා.

More from author

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...