“සියලු පහරදීම් පිළිබඳ විමර්ශනයක් කරන්න” – ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය ඉක්මනින්ම පාලනය කරන ලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවේ උග්‍ර වන ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළාදකින බවත් ඇති වී තිබෙන නොසන්සුන්තාව පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඇය පවසන්නේ.

සාමකාමි විරෝධතාකරුවන්ට පසුගියදා පහරදීමත් සමඟ පාලක පක්ෂයේ සාමාජිකයන්ට එල්ල වූ මැර ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම පිළිබඳ තමා කනස්සල්ලට පත්ව සිටින බව ඇය කියා සිටිනවා.

සියලු ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හෙළාදකින අතර සියලු පහරදීම් පිළිබඳ පුළුල් විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් ආරම්හ කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි මිෂෙල් බැචෙලේ මහත්මිය සඳහන් කරන්නේ.

POPULAR

Recent articles