“ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම්” – සෞඛ්‍ය ඇමති

ඔමික්‍රෝන් කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීම සඳහා මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිර රඹුක්වැල්ල පවසනවා.

ඔහු කියා සිටින්නේ ආසාදිතයින් වැඩි වුවහොත් නිවසේ සිට ප්‍රථිකාර කරන ක්‍රමවේදය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු කරන බවයි.

“ආර්ථිකය රැක ගන්න අතරතුර අපට පුළුවන් ප්‍රමාණයේ සීමාවන් යොදාගෙන තියෙනවා. දියුණුම රටවලුත් මේ තත්ත්වෙට පත්වෙලා තියෙන නිසා අපි මේක බැහැර කරන්නෙ නෑ” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles