ආධාර පොරයෙන් ජීවිත පොරය පැරදුණු මිනිස්සු

කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ සිදුකෙරුණු ආධාර බෙදාදීමේ වැඩසටහනක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, මෙම සිදුවීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් අට දෙනෙකු දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි. අද දහවල් පෞද්ගලික මට්ටමින් සංවිධානය කළ මෙම ආධාර බෙදාදීම ආරම්භ වී ඇති අතර විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව ඇතැයි වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙය සංවිධානය කළ පුද්ගලයන් හය දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සිදුවූ මාළිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාර්ගයට ඇතුළු වීම සහ පිටවීම තාවකාලික අවහිර කොට ඇති බවයි වාර්තා වන්නේ.

POPULAR

Recent articles