රුසියාව සමඟ සාකච්ඡා කිරීමට යුක්‍රේනය එකඟ වෙයි

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky, බෙලරුස් දේශ සීමාවේදී රුසියානු පිරිස සමඟ සාකච්ඡා පැවැත්වීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන ජනාධිපති හා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර පැවති දුරකථන සංවාදයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති එරට න්‍යෂ්ටික හමුදාව සීරුවෙන් තැබීමට උපදෙස් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර යුරෝපා සංගමය රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය තහනම් කළ අතර පුද්ගලික ජෙට් යානා ඇතුළු රුසියානු මහ බැංකුවේ විදේශීය වත්කම් අත්හිටුවීමද තීරණය කර ඇති බව සඳහන් වනවා.

එමෙන්ම කිසිදු රුසියානු ගුවන් යානයකට ගොඩබෑමට හෝ ගුවන් ගත වීමට ඉඩ ලබා නොදෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එමෙන්ම යුක්‍රේනයට ආයුධ නැව්ගත කිරීම ඉතිහාසයේ පළමු වතාවට ආරම්භ කිරීමට අදහස් කර ඇති බව යුරෝපීය සංගමය නිවේදනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles