ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 12 අතරට

ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 12 අතරට ශ්‍රී ලංකාවද එක්වී තිබෙනවා.

ලෝ ප්‍රකට Trading Economics වෙබ් අඩවියේ දත්ත අනුව එහි ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 12 වන ස්ථානයයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය අනුව 2021 දෙසැම්බර් මාසයේ දී මෙරට ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 21.5 ක් ලෙස වාර්තා කර තිබුණා.

කෙසේ වුවද මෙම වාර්තාව අනුව ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ වෙනිසියුලාව, ලෙබනන්, සුරිනාම්, සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව හා හයිටියයි.

More from author

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක...

උද්ධමනය 45% ක් දක්වා ඉහලට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ...

“Lazard” හා “Clifford Chance” සමාගම්වල නියෝජිතයින් අද (15) දිවයිනට

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සහය ලබා ගැනීමට නියමිත “Lazard” සහ “Clifford Chance” යන...

ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වුවද ප්‍රමාණය ඉක්මවා ආනයනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාව ගෙන් ඉල්ලීමක් කර...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...