“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක් ගෙන එන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

​ඔහු සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයෙන් යම් කොටසක් එමඟින් උපයාගත හැකි බවයි.

සැප්තැම්බර් මාසයෙන් පසු ගල් අඟුරු ආනයනය සඳහා ඩොලර් මිලියන 650 ක් අවශ්‍ය කරන බවත් ඒ් සඳහා මෙන්ම විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ආනයන කටයුතු සඳහා මෙම මුදල් යොදා ගැනීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙනවා.

POPULAR

Recent articles