ඇමරිකාවට වඳුරු උණ

යුරෝපා රටවල් කීපයක මෙන්ම, කැනඩාවේත්, ව්‍යාප්ත වෙමින් ඇති වඳුරු උණ වෛරසය ඇමරිකාවට පැමිණ ඇති බව ඇමරිකන් වසංගත රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.

වසංගත රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පළමු වඳුරු උණ රෝගියා හමුවී ඇත්තේ මැසචුසෙට් ජනදයෙන් බවයි.

එම රෝගියා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවත්, සමාජයේ වඳුරු උණ ව්‍යාප්තියක් සිදු නොවන බවත්, රෝගියාගේ තත්ත්වය ද බරපතල නොවන බවත් ඇමරිකන් වසංගත රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ පැහැදිලි කර තිබෙනවා.

අදාළ රෝගියා කැනඩාවේ ක්විබෙක් පළාතේ සංචාරයකනට ගොස් පැමිණි අයකු බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මේ වනවිට ‘වඳුරු උණ’ වෛරසය පැතිරෙන රටවල් වන්නේ කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, පෘතුගාලය හා ස්පාඤ්ඤයයි. ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ‘වඳුරු උණ’ රෝගීන් ගණන 49 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

POPULAR

Recent articles