ශ්‍රී ලංකාව රුසියාවෙන් ණය ඉල්ලයි

ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300ක ණය පහසුකමක් ඉල්ලා තිබෙනවා.

මේ අතර, මෙරටට පැමිණි මෙට්‍රික් ටොන් 37,300ක ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන අද දිනය තුළ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තය වෙත නිකුත් කෙරෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි කියා සිටියේ, හෙට දිනයේදී ද තවත් ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිත ව ඇති බවයි.

මීට අමතර ව තවත් ඉන්ධන නෞකා කිහිපයක් මේ මස 06, 09 සහ 12 යන දිනවල මෙරටට පැමිණීමට නියමිතයි.
ඛනිජ තෙල් සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ සභාපති නාලක පෙරේරා කියා සිටියේ, මේ වනවිට පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000ක් පමණ සංස්ථාව සතුව පවතින බවයි.

POPULAR

Recent articles