“අත්බෝම්බයේ ඇත්ත නැත්ත සොයා ගන්නාතුරු අරගලයක් කරනවා” – කාදිනල් හිමි

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළ චෝදනා වෙනත් පාර්ශවයන් පිට පටවා ඉන් ගැලවී යාමට ආණ්ඩුවට හා පොලීසියට ඉඩ නොතබන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ මෙම සිදුවීමේ ඇත්ත නැත්ත සම්පූරණයෙන්ම සොයා ගන්නාතුරු අරගලයක් සිදු කරන බවයි.

මෙම සිදුවීමෙන් අසාධාරණයට ලක්වූ “මුනි” නැමති පුද්ගලයාට හා අනෙකුත් පුද්ගලයින්ට සිදු අසාධාරණය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles