ගෑස් හිඟයෙන් ආපන ශාලා රැසක් වැසී යයි

ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ආපන ශාලා හිමිකරුවන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් බොහෝ දෙනෙකුට රැකියාවද අහිමි වී ගොස් ඇති බවයි.

එමෙන්ම ගෑස් හිඟය හේතුවෙන් මහල් නිවාසවල ජීවත් වන ජනතාවද දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවලට දින කිහිපයකින් ගෑස් ලැබී නොමැති බව පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ ගෑස් රැගෙන නෞකා තුනක් පැමිණ ඇති අතර රටතුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඒවාට ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී ඇති බවයි.

POPULAR

Recent articles