ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියනවා. ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඔස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් සිටින බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති හමුවකදී ඔහු සඳහන් කර තිබෙන්නේ.

තනි රටක් මෙරටට ලබා දුන් වැඩි ම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මෙය ආරම්භයක් පමණක් වන අතර ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles