කුවේට් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කරයි

කුවේට් එයාර්වේස් සමාගම එළඹෙන සතියේ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දේශීය නියෝජිත ආයතන විසින් හිඟ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

රටතුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය මෙයට හේතුවී ඇති බවද අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් වෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත කුවේට් එයාර්වේස් සිය ගුවන් ගමන් සීමා කළ අතර එහිදී සතියකට එක් ගුවන් යානයක් පමණයි පියාසර කෙරුණේ. ශ්‍රී ලංකාවේ සිට බටහිර ආසියානු රටවල් සහ ගල්ෆ් රාජ්‍යයන් වෙත විදෙස්ගතවන ශ්‍රමිකයන් බහුතරයක් භාවිතා කළේ මෙම ගුවන් සේවය යි.

POPULAR

Recent articles