යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීම අවශ්‍යතාවය අවධාරණය කරන බව මෙරට යුරෝපා සංගම් කාර්යාලය නිවේදනය කරනවා.

2017දී යළි සක්‍රිය කරන ලද GSP+ සහනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත් සාධකයක් වනවා. එම නිසා එහි රෙගුලාසිවලට අනුව නව රජය කටයුතු කරනු ඇතැයි යුරෝපා සංගමය අපේක්ෂා කරන බවද නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කරගැනීමට මෙරට ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවද යුරෝපා සංගමය වැඩිදුරටත් කියා සිටිනවා.

මේ අතර මර්දනකාරී පියවර හමුවේ GSP+ බදු සහනය මෙරටට අහිමි වුවහොත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඊට වගකිවයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

POPULAR

Recent articles