”හිඟා කාලා හරි ළමයින්ට කන්න දෙනවා” – සුසිල් ප්‍රේමජයන්ත

හිඟා කාල හරි පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමට හැකිනම් තමා එය කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (01) කියා සිටියා.

දරුවන් වෙනුවෙන් යමක් කිරීමට හැකිනම් එය කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කර සිටියා.

ඔහු මෙසේ පැවසුවේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සිඟා කමින් ආධාර එකතු කරන බවට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මැති සබයේදී පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු දක්වමිනුයි.

තමාට ඇමැති ධූරය අද නැති වුණොත් හෙට සිට උසාවියට යා හැකි නමුත් මිනිසුන් හෑල්ලුවට ලක්කර කතා කරන පුද්ගලයන්ට එලෙස යන්නට තැනක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles