අධ්‍යාපන අමාත්‍යවරයා පහ වසරට

2022 ජනවාරි 22 පැවැත්වීමට නියමිත පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දුවා දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීම සඳහාත් ඔවුන්ට සුභ පැතීම සඳහාත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංචාරය කළා.

රට තුළ පැවති කොවිඩ් ව්‍යසනය හමුවේ පැවැත්වීමට නොහැකි වූ 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙම ජනවාරි 22 පැවැත්වීමට නියමිතය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2943 ක දී අයදුම්කරුවන් 340,508 ක් පෙනී සිටීමට නියමිතයි.

ඒ අනුව අද දින දිනේෂ් ගුණවර්ධන මහතා තලංගම එම්.ඩී.එච් ජයවර්ධන විද්‍යාලයේ සිසුන් හමු වී ඔවුන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා සුභ පතනු ලැබුවා.

POPULAR

Recent articles