”අපි තායිවානයට ආවේ මිත්‍රත්වය වෙනුවෙන්” – ඇමරිකානු කතානායකවරිය

ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණ තිබෙනවා.

ඇය තායිවානයට පැමිණ ඇත්තේ එක්සත් ජනපද මිලිටරි ගුවන් යානයකිනුයි.

BBC වාර්තා කරන පරිදි, තායිවානයට පැමිණි එක්සත් ජනපදයේ ඉහළම ඩිමොක්‍රටික් පාක්ෂිකයා වන නැන්සි පෙලෝසි එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විසින් පිළිගෙන තිබෙනවා.

කෙසේ වුවද චීනය හිමිකම් කියන තායිවානයයේ වසර 25කට පසු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය කරන මේ සංචාරය වොෂින්ටනය හා බීජිං අතර සබඳතා අර්බුධයට තල්ලු කිරීමේ අවදානමක් මතුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ වන විට ඇමරිකානු කතානායකවරිය තායිවාන පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවත් ඇය තායිවාන නියෝජ්‍ය කතානායක තසායි චී චැන්ග් හමුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඇය තායිවාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද හමුවීමට නියමිතව ඇති අතර තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන් සමග හමුව සිදුවන්නේ ඉන් අනතුරුව බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඇමරිකානු කතානායකවරිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ මිත්‍රත්වය හේතුවෙන් තායිවානයට පැමිණි බවයි.

POPULAR

Recent articles