”මධ්‍යම කාරක සභාවේ තීරණවලට යටත් වෙන්නේ නෑ” – චාමර සම්පත් දසනායක

ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමා කිසිසේත්ම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ගන්නා තීන්දු තීරණ වලට යටත් නොවන බව ශ්‍රීලනිප සාමාජික පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කියනවා.

මධ්‍යම කාරක සභාවේ සිටින පුද්ගලයින්ට වඩා පාර්ලිමේන්තුවේ සිටින තමා හොඳින් දේශපාලනය දන්නා බවත් ඔවුන්ට තමන්ට කළ හැකි දෙයක් නැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ ඇතැම් දේශපාලන කරුණු සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සමාජ ගත කරමින් සිටින බවයි මන්ත්‍රී චාමර සම්පත් දසනායක කියන්නේ.

POPULAR

Recent articles