බාල වර්ගයේ කොරෝනා සහ ඉහළ වර්ගයේ කොරෝනා !

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව අවසර දී ඇති බව අද වාර්තා වේ. පසුගිය දිනවලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල විශාල තොගයක් මෙරටට ගෙනැවිත් තිබූ අතර ඒ සියල්ල ගෙනැවිත් තිබුණේ ඒ පිළිබඳ වලංගුතා පරීක්ෂණ පවා අවසන් ව නොතිබූ පසුබිමක ය.

එසේම පසුගිය කාලයේ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන ගියේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා විනාඩි විස්සක් වැනි සුළු කාලයක් ගතවන බවත්, එය පීසීආර් පරීක්ෂණවලට වඩා ඉතා ලාභදීයි බවත් ජනතාවට ඒත්තු ගන්වමිනි. නමුත් රජයේ රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පීසීආර් පරීක්ෂණ සඳහා කිසිසේත්ම විකල්පයක් නොවන බවයි. එමෙන්ම එම පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලවල නිර්වද්‍යතාව සියයට සියයක් තහවුරු කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්වයක් තුළ පෞද්ගලික සමාගමක් විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ දෙකක් ගෙන් වූ බව පසුගියදා අනාවරණය විය. එම කට්ටල පෞද්ගලික අංශයේ භාවිතය සඳහා බවත්, රජය විසින් රජයේ රෝහල්වල භාවිතට සඳහා ගෙන්වන පරීක්ෂණ කට්ටල සහ මෙම තොගය අතර සම්බන්ධයක් නොමැති බව පසුව පැවසුණි. නමුත් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා වුවත් ඖෂධ නියාමන අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව එම තොග ගෙන්වූයේ කෙසේදැයි කියා ගැටළුවක් පවතී. කවුරුන් හෝ එසේ අනුමැතිය ලබාදුන්නා නම් ඒ කෙසේද ඒ කවුදැයි කියා දැනගැනීමත් ජනතාවගේ අයිතියකි.බාල වර්ගයේ කොරෝනා සහ ඉහළ වර්ගයේ කොරෝනා !

POPULAR

Recent articles