ත්‍රිපෝෂ විස බව තහවුරු වෙයි

අගෝස්තු 19 වෙනිදා රැගෙන විත් කළුතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙනවිත් තිබෙන ත්‍රිපෝෂවල නියමිත අවම ප්‍රමාණයට වඩා ඇෆලටෝක්සීන් රසායනිකය අඩංගු වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.

ඒ බව තහවුරුව ඇත්තේ එය වෙත ලබාදී තිබූ ත්‍රිපෝෂ කොට්ට 153ක් අතරින් සිදුකළ අහඹු පරීක්ෂණයකට අනුවයි. අගෝස්තු 20වෙනි දින ලබාගත් සාම්පල පරීක්ෂාවට අනුව ඇෆලටෝක්සීන් නියමිත ප්‍රමාණය ඉක්මවා තිබූ බවයි කළුතර, කටුකුරුන්ද ii මහජන පරීක්ෂකවරයා විසින් මෙම අහඹු සාම්පල් පරීක්ෂණයට යොමුකර තිබෙනවා.

ත්‍රිපෝෂ කොට්ට 153 අතරින් කොට්ට 8ක් තොගය නියෝජනය වන පරිදි රසායනාගාරය වෙත යොකු කළ සාම්පල් පරීක්ෂාවේ ප්‍රතිඵල වී ඇත්තේ ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවයි. මේ නිසා මෙම තොගය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්දැයි කළුතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කළුතර, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්ෂේත්‍ර සේවා) වෙතින් ලිඛිතව විමසා තිබෙනවා. අදාළ පරීක්ෂණ වාර්තා ලැබී ඇත්තේ අගෝස්තු 24 වෙනිදා යි.

POPULAR

Recent articles