“අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම හැර වෙනත් විකල්පයක් නෑ” – වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

අගමැතිවරයා ලෙස බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ කාලාන්තරයක් තිස්සේ මහජන සම්මුතියකට එළඹීමට වඩා දේශපාලන ඩීල් පිළිබදව විශ්වාසය තබා කටයුතු කර ඇති බවත් මෙම පත් කිරීම හරහා ඉතා පැහැදිළිව තහවුරු වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම නිසා මහජනතාව අපේක්ෂා කරණු ලබන සුහුරු දේශපාලන පරිවර්තනය ඔහු හරහා සිදු වනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි බව ඔවුන් කියා සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මේ පිළිබදව මූලික අනතුරු ඇඟවීම සිදු කරමින් අද (13) දහවල් ප්‍රධාන වෘත්තීය සමිති නායකත්වය විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ලබා දී තිබෙනවා.

එයට යහපත් ප්‍රතිචාර නොමැතිනම් ඉදිරි සතියේදී ජනාධිපති මන්දිරය ඉදිරිපිටට සමස්ත වැඩකරන ජනතාව කැදවීමට සිදුවන බවත්, එහිදී වෘත්තීය සමිති නායකයින් විසින් අනතුරු හැගවීමක්ද කර තිබෙනවා.

POPULAR

Recent articles