සෞඛ්‍ය නිර්දේශ ගැසට් නොකිරීම මැතිවරණයට බාධාවක් – මැ කො සභාපති කියයි

සෞඛ්‍ය නිර්දේශ ගැසට් නොකිරීම මැතිවරණයට බාධාවක් – මැ කො සභාපති කියයි

මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයින්‍ට ඡන්දය
ප්‍රකාශ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති
බවත්, ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සලසා ඇති
බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද
දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණය පැවත්වීමට අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ
ගැසට් නොකිරීම මැතිවරණය පැවැත්වීමට විශාල
බාධාවක් බවයි මැතිවරණ කොමිසමේ
සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන
පුද්ගලයින් සඳහා විශේෂිත ක්‍රමවේද යටතේ ඡන්දය
භාවිතා කිරීමේ පහසුකම් ලබාදීමට ද මැතිවරණ
කොමිසම බලාපොරොත්තු වන බව තවදුරටත්
අදහස් දක්වමින් දේශප්‍රිය මහතා පවසා සිටියා.

රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළු මාධ්‍ය ආයතන මඟින්
මැතිවරණ අපේක්ෂකයින් සඳහා ඉඩ ලබාදීමේ දී
ඔවුන් බරපතළ අසාධාරණයට ලක්වන බවට
මැතිවරණ කොමිසම සඳහා පැමිණිලි ලැබුණු බවත්
ඒ පිළිබඳව කොමිසම ඉදිරියේ දී ක්‍රියා කරනු ලබන
බවත් මෙම මාධ්‍ය හමුවේ දී දේශප්‍රිය මහතා
පැවසුවා.

මේ අතර තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු අද හතරවැනි
දිනටත් සිදුවුණා. අද දිනයේ දී තැපැල් ඡන්දය සලකුණු කිරීමේ
අවස්ථාව හිමි වී තිබුණේ ආරක්ෂක හමුදා, පොලීසිය, සිවිල්
ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ
කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ටයි.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles